පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් තුන් දෙනෙකු රටින් පැන යාමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටියදී සිංගප්පූරුවට පලා යාමට උත්සාහ කරන්නේ යයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.