Colombo Today Local News

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මහනාම මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියෝග කළේය.

ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැඟිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේ.

ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම විත්තිකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු කළ එහි පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය මහානාම මහතාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක් හා රුපියල් 60,000 ක දඩයක් ද නියම කරනු ලැබුවේය.

ඊට අමතරව අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 20 ක මුදල යළි රජයට ගෙවිය යුතු බවට ද එම තීන්දුවේ සඳහන් කර තිබුණි.

එම දඬුවම තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කර සියලු චෝදනාවලින් තමාව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකාර අයි. එච් .කේ. මහනාම මහතා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය විභාග කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් වරදකරු වී සිටින ඒ මහතා විසින් මෙම ඉල්ලීම ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

Related posts

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

Admin

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

colombotoday