Colombo Today Local News

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

රටේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාව විසින් අනිසි බියක් ඇති කර නොගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.

යුද හමුදාපතිවරයා පවසා සිටියේ, මේ වන විට මහ ජනතාව විසින් සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැල් වෙත ගොස් විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ කරන බව වාර්තා වන බවයි.

මෙලෙස විශාල වශයෙන් පුද්ගලයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමෙදී අදාළ සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැලවල්වල භාණ්ඩ අවසන් වන බවත් එවිට රට තුළ භණ්ඩ හිඟයක් ඇතිවන බවට සිතෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙයින් පෙනී යන්නේ රටේ මහජනතාව අනවශ්‍ය තැති ගැන්වීමට ලක්ව වී ඇති බවත් මේ පළිබඳ ජනධිපතිවරයා විසින් මහජනතාවට දැනුම් දෙන ලෙසත් තමාගෙන් ඉල්ලා සිටි බව හමුදාපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.

“රට තුළ භණ්ඩ හිඟයක් එන්න හේතුවක් නෑ. කවුරුන් හෝ කියලා තියෙනවා නිවෙස්වල නිරෝධායන කටයුත්තකට යොදවනවා කියලා. එවැනි දෙයක් හින්දා වෙන්න පුළුවන්. රජය තාම එලෙස තීරණයක් අගෙන නෑ“

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2758346384213874/

Related posts

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

Admin

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

ලංකාවේ බොරතෙල් කණින්න රෝඩ් මැප් එකක් හදන්න කෝපා කමිටුව අමාත්‍යංශයට කියයි

colombotoday