Colombo Today Local News

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සැකකරුවන්ට අද පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද(13) අභියාචනාධිකරණය නියෝග කළේය.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරන ලදී.

අද පස්වරු 4 ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව  අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුළින් සඳහන් වුණි.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා, අර්ජුන් ඇලෝසියස් ඇතුළු පස්දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද තෙවැනි දිනයටත් යළි  කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු මෙම නියෝගය කළහ.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් තැබුණි.

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස්, මහ බැංකුවේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පදුමනාදන්, චිත්ත රංජන් හුළුගල්ල සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින්  මෙම රිට් පෙත්සම් ගොනු කරන ලදී. 

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා  නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, එම අධිකරණයේ  ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.

2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස්සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.

Related posts

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

”රෙද්දක් ඇදන් පාරේ යන්න බෑ… මම මළගෙදරක යන්නෙත් උදේ පාන්දර”- මැ.කො

colombotoday

ජවිපෙට රිදෙන්න ගහන්න.. අගමැති එජාප මන්ත්‍රීන්ට දැනුම් දෙයි.. රතු අලි පැටව් සිරිකොතෙන් දොට්ට !

colombotoday

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

colombotoday