Colombo Today Local NewsCovid 19

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් කිහිප දෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර,එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

රට තුළ ජාතික ආරක්ෂාව සුරැකීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව එහි සඳහන්.

රෝගීන් හා අනෙක් පුද්ගලයන් අතර සම්බන්ධතා සොයාගැනීම්,PCR පරීක්ෂණ සිදුකිරීම,අවශ්‍ය පුද්ගලයන් නිරෝධායනය කිරීම හෝ හුදෙකලා කිරීම,ආසාදනය වූ පුද්ගලයින් රෝහල් ගත කිරීම වැනි කටයුතු වල මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතව සිටිනවා.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එම මාර්ග මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ලෙසද ඉල්ලා සිටිනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්

Related posts

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

Admin

නිෂ්පාදකයින්ට බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

Admin

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

colombotoday

හිර බතත් බරක් වෙයි

colombotoday