Colombo Today Local News

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

එළඹෙන සෙනසුරාදා (22)දින සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හෙට (21) දිනය තුළ නොරොච්චෝල විදුලි බලාගාරය ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව වාර්තා වේ.

පසුගිය 17 වන දින දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදුවු අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දිවා කාලයේ පැයකුත් විනාඩි 45ක කාලයක් ද රාත්‍රී කාලයේ පැයක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පැවසීය.

Related posts

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday