Colombo Today Local News

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද (28දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියම කළේය.

ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුළ පදිංචි බවට තහවුරු කෙරෙන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඔවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බව තහවුරු කෙරෙන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

Related posts

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday

බෝට්ටුවකින් ඇවිත් අපිව මරා දැමීමේ තැතක් හෙළිවුණා.. කොන්ත්‍රාත්තුව දුන් කෙනා හොයන්න බෑ

colombotoday

විජේදාස සියළු තනතුරුවලින් ඉවත් කරන්න ජනපතිට දැන්වූවා.. එජාප නිල නිවේදනය මෙන්න

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin