Colombo Today Local NewsCovid 19

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරයි.

ඉන් බහුතරය කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

ආසාදිත බවට හඳුනාගෙන ඇති වෙළෙඳ කලාපයේ සේවකයින් ගණන 39ක්.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර ආඬිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන වසර සිසුන්ට ඉගැන්වූ ගුරුවරියක ද වෙයි.

එම හේතුවෙන් අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකර තිබේ.

Related posts

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin