World

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

ඉන්දියාවේ වාර්ෂිකව ස්ත්‍රී දූෂණ දහස් ගණනක් වාර්තා වේ. නමුත් මෙම සිදුවීම සිතා ගැනීමටත් අපහසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එහිදී, දූෂණය කර ඇත්තේ වයස 86ක මිත්තනියක්වයි. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලියෙනි.

ඒ සම්බන්ධයෙන් 30 වැනි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

“එම කාන්තාව කිරිකාරයා එනතුරු නිවස ඉදිරිපිට සිටින විට සැකකරු එම ස්ථානයට පැමිණ තිබෙනවා,” යනුවෙන් “කාන්තාවන් සඳහා වූ දිල්ලි කොමිසමේ” ප්‍රධානියා පවසා තිබේ.

ඉන්පසු සැකකරු විසින් එම මිත්තනිය රවටා අසල ඇති ගොවිපළකට කැඳවා ගෙන ගොස් දූෂණය කර ඇති බව පොලීසිය පැවසීය.

ඇයගේ කෑ ගැසීම ඇසුණු පිරිසක් පැමිණ ඇයව බේරාගෙන ඇති අතර සැකකරුව පොලීසියට බාරදී තිබේ.

පොලීසියට ලැබී ඇති තොරතුරු අනුව ඉන්දියාවේ 2018 වසරේදී ස්ත්‍රී දූෂණ 33,977ක් සිදුව තිබේ. එයින් පිළිබිඹු වන්නේ සෑම විනාඩි 15කට වරක් ඉන්දියාවේ දී ස්ත්‍රී දූෂණයක් සිදුවන බවය.

Related posts

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලී සංක්‍රමණිකයන් 79ක් මිය යයි

Admin