Colombo Today Local News

සැගව සිටින රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරන ගෙන තිබේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී එම ප්‍රකාශය සටන් කරගෙන ඇත.

ඊයේ (15)දින සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පැමිණ පරීක්ෂා කළ අතර පැයක පමණ කාලයක් නිවස තුළ සිටි නිලධාරීන් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇතත් ඔහු සිටින ස්ථානයක් අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සමත් වී නැත.

Related posts

හෙට-අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

colombotoday

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

Admin

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

colombotoday

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin