සැක කටයුතු පුද්ගලයෙකු හේතුවෙන් හොරණ, ගෝණපල පලන්නෝරුව මහා විද්‍යාලයේ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.
අදාල පුද්ගලයා ඊයේ (07) රාත්‍රී පාර්සලයක් අතැතිව ප්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුළුවිමට උත්සහ දරා ඇති අතර පාසලේ ආරකෂක නිළධාරියා විසින් ඒ පිළිබඳ මව්පියන් සහ පොලිසිය දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය මෙන්ම මව්පියන් ද එක්ව එම සැකකටයුතු පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණ ද එම පුද්ගලයා සොයා ගැනිමට නොහැකි වී ඇති බව සදහන්.
අනතුරුව ආරක්ෂක අංශ විසින් එම පාසලේ පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර ඇතිවූ තත්ත්වය හේතුවෙන් අද දිනයේ කිසිදු සිසුවෙකු පාසල වෙත පැමිණ නොතිබූ බවද වාර්තා වනවා.