Colombo Today Local News

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් පසුගියදා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කළ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුවයි අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණෙ.
ඒ රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්.

එම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතනවල පිරිමි පුද්ගලයින්  කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුම ද, කාන්තාවන් සාරිය හෝ ඔසරිය ඇඳිය යුතු බව ද එහි දක්වා තිබුණා.

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ, තමා ඇතුළු පිරිසකගේ විරෝධතාවය හමුවේ ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත එම චක්‍රලේඛය ඉවත් කළ බවයි.

Related posts

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

බාර් වලට වෙන්න යන දේ

Admin

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

හින්දු සම්මේලනයේ ප්‍රධානින් අස්ගිරි මහනායක හිමි හමුවෙයි

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday