Colombo Today Local News

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින එම කාර්යාංශයේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් දොළොස් දෙනා සම්බන්ධයෙන් අද (14)දින ස්වාධීන සාක්ෂිකරුවන් හතර දෙනකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරිය තුළ මෙම ප්‍රකාශ සටන් කර ගැනීම සිදුකෙරුණි.

පැය එකහමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු ව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සාක්ෂිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙම සාක්ෂිකරුවන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Related posts

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරැ වූ විත්තිකරුවෙකුට මහාධිකරණයෙන් මරණිය දන්ඩණය.

colombotoday

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday