Colombo Today Local News

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.

මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.

මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇත. එහි විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස් කර ඇත.

ඒ අනුව මෙම රෝගියා මේ මාසයේ 01දා සිට තම නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි. මෙම පුද්ලයා තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නැවත අසාධ්‍ය වීම හේතුවෙන් හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදිනම මරණයට පත්ව ඇත.

පී සී ආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල් කොටස් පරීක්ෂාවට යවා ඇති බවත් එහි ප්‍රතිඵල මේ වනවිටත් නොලැබී ඇතිබවත් සිදුකළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

Related posts

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ඉල්ලා උද්ඝෝෂණයක

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday