Colombo Today Local News

සමාජ ජාලා හරහා හුවමාරු වූ ගෝඨගේ බව කියන ගුවන් ටිකට්පත ගැන පැහැදිළි කිරීමක් !

එළඹෙන ජනාධිපතිවරයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ගුවන් ටිකට්පත ව්‍යාජ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එසේම එය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නියත ජයග්‍රහණය වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුවේ පාර්ශව දියත් කළ තවත් එක් මඩ ප්‍රචාරයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම අදාල සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද  බදුල්ලේ පැවති ජනරැළියකදී අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් මෙම ගුවන් ටිකට්පත ව්‍යාජ එකක් බවයි. තවද ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැළැක්වීමට ආණ්ඩුවේ පාර්ශව විසින් මඩ ප්‍රචාරක සතියක් ක්‍රියාත්මක කර ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද Facebook සටහනක් තබමින්  අදාළ ගුවන් ටිකට්පත  ව්‍යාජ එකක් බව ප්‍රකාශ කර තිබුණා. 

Related posts

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතයේ

Admin

පොලිසියට තොරතුරක් – පානදුර මුස්ලිම් දේවස්ථාන අසලට දැඩි ආරක්ෂාවක්

Admin

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin