Colombo Today Local News

සත්ව ආහාර ලෙස ඉවත් කළ දේශීය කිරිපිටි තොගයක් මිනිස්සුන්ට පොවන්න හදලා – අයර්ලන්ත ලේබලයෙන් ආ කිරිපිටි වල රහස හෙළිවෙයි…!

සත්ත්ව ආහාර ලෙස ලේබල් කරන ලද දේශීය කිරිපිටි වර්ගයක් අයර්ලන්තයේ නිෂ්පාදනය කරන ලද කිරිපිටි ලෙස යළි පැකට් කර වෙළෙඳපළට එකතු කිරීමේ ජාවාරමක් කොටු කර ගැනීමට සමත්ව තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් හෙළිකරගත් තොරතුරු අනුව වේවැල්දෙණිය පැණිහෙල ප‍්‍රදේශයේදී පසුගියදා සිදුකළ වැටලීමකදී එම කිරි පිටි පැකට් 2250 ක් ඇතුළු කිලෝ ග‍්‍රෑම් 15000 ක ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි එම්.ආර් ලතීප් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත විශේෂ කාර්ය බළකාය කොළඹ කඳවුරේ නිලධාරී පිරිසක් වේවැල්දෙණිය පැණිහෙල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම කිරිපිටි ගබඩාව සහිත නිෂ්පාදනාගාරය වැටලූ අවස්ථාවේදී අදාල කිරිපිටි තොගය හමුවී ඇති අතර ඒවා සත්ත්ව ආහාර ලෙස ඉවත් කළ බවට සටහන්ද දමා ඇති බවයි වාර්තා වුනේ.

අයර්ලන්තයේ නිෂ්පාදනය කළ බව සඳහන් කරමින් මෙම දේශීය කිරිපිටි තොගය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත භාරකර ඇති අතර එම කිරිපිටි තොගය සහ යන්ත‍්‍ර සූත‍්‍ර ඇතුළු ගබඩාව මේවන විට මුද්‍රා තබා තිබෙනවා. අදාල ගොඩනැගිල්ල වේවැල්දෙනිය ප‍්‍රදේශයේ කාන්තාවකට අයත් වන අතර කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි වාර්තා වුනේ.

Related posts

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති

colombotoday

සමන් රත්නප්‍රිය සුදුසු දෙමටගොඩ මස් කඩයට – පිවිතුරු හෙළ උරුමය

colombotoday

හකීම්ගේ ත්‍රස්ත සුරතල්… තවත් සාක්ෂි ලීක් වෙයි… බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් ගේ (සහරාන්ගේ මල්ලි) සුව දුක් බලන්න ගිහින්….

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday