Colombo Today Local News

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ද මහලේකම්වරයා විසින් ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (11) රෝයල් ආකේඩ් පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“එක්සත් ජාතික පක්ෂය මීළග මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා නාමයෝජනා කැදවීමට නියමිතව තිබෙනවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා උගතුන්, වියතුන්, බුද්ධිමතුන්ට, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන්ට ඒ සදහා අයදුම්පත් යොමුකළ හැකියි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් එජාපය නියෝජනය කරන සන්ධානයේ සලකුණ හදවත බවට සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන පාර්ශවය මේ වනවිටත් තීරණය කර තිබේ.

මේ අනුව එජාපය තුළ දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. නායකත්වය උදෙසා පමණක් පැවති අර්බුදය මේ වනවිට සජිත් පාර්ශවය යෝජනා කරන සියල්ලටම විරුද්ධ වීමට රනිල් පාර්ශවය පියවර ගන්නා තත්වය දක්වා උඩු දුවා තිබේ.

Related posts

හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න – නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

විජේදාස, වජිර , මාරපන ඇමතිකම්වලින් දොට්ට…?

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය 19ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday