Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

sharia lawලෙබනනයේ සහ සෞදියේ සේවයට ගොස්‌ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නවදෙනකු වරදකරුවන් වී මරණ දණ්‌ඩනයට ලක්‌ව සිටින බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. සෞදියේ වරදකරු වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවට ගල්ගසා මරා දැමීමට එරට අධිකරණය තීන්දු කර ඇතැයි ද ඇමැතිවරිය කියා සිටී.

විපක්‍ෂයේ සිටින විට ඇතැමුන් රටට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්‌ගත කාන්තාවන් යැයි කියමින් කාන්තා දිනය අභිමානයෙන් සැමරුව ද මැදපෙරදිග රටවලට කාන්තාවන් යෑවීමේ හා එහිදී ඔවුනට අත්වන ඉරණමට නිසි විසඳුම් දෙනතුරු සිතට සැනසිල්ලක්‌ නොමැති බව ද අමාත්‍යවරිය කියා සිටී.

විදේශ රැකියා සඳහා මැදපෙරදිගට යන කාන්තාවන්ට අයවැය මගින් අවම වැටුපක්‌ තීරණය කරන ලෙස තමා මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විදේශගතවන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්ණ එක රැයකින් විසඳිය නොහැකි වුවත් ඒ වෙනුවෙන් කළ හැකි ඉහළම මෙහෙවර කිරීමට තමා පසුබට නොවන බවත් ඇමැතිවරිය තවදුරටත් පැවසුවාය.

Related posts

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

colombotoday