මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරය සදහා ඉදිරිපත්වීමට හිටපු උප සභාපතිවරයෙකු වූ තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙවර නිලවරණයේ අනෙක් සභාපති ධුර අපේක්ෂකයකු වන්නේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග යි.
ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මේ මස 24 වැනි දින සිට ආරම්භ කරන අතර නාමයෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 4 වැනි දින පස්වරු 3.00 දක්වා සිදු කෙරේ. නාමයෝජනා විවෘත කිරීම එදින පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.
ක්‍රිකට් නිලවරණය ලබන ජනවාරි මස 3 වැනි දින පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.