Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩොලර් බිලියනයක් පමණ ණය ගෙවීමට ඇති බවත් ඉන් බහුතරය රජයට ගෙවිය යුතු බවත් එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

ලංකා බැංකුවට ඩොලර් මිලියන 220ක්, මහජන බැංකුවට ඩොලර් මිලියන 187ක් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 275ක් ලෙස ප්‍රධාන වශයෙන් ගෙවීමට ඇතැයි ඔහු පැවසීය.

තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පාඩු ලබමින් ඇති ගුවන් සේවය වසරක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකිවේ යැයි අනුමාන කළ බවත් කොරෝනා වෛරසය නිසා ඊට බාධා එල්ල වූ බවත් මාධ්‍ය අමතමින් ඔහු කීය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර ඇති පාඩුව ඩොලර් මිලියන 130කි. විශේෂයෙන්ම කොරෝනා තත්ත්වය නිසා ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවීමෙන් තම ආයතනයට විශාල පාඩුවක් සිදුව ඇතැයි පතිරගේ මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාර්තු 19 වැනි දා සංචාරකයින් සඳහා වසා දැමුණු අතර එය අගෝස්තු 01 වැනි දා නැවත විවෘත කිරීමට නියමිතය.

Related posts

ඉරාජ් තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

colombotoday

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි – පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්

colombotoday

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි… වෙනම ඡන්දෙ ඉල්ලනවා, පැරදුනොත් රට යනවා !

colombotoday

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday