Colombo Today Local News

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුයි…

වෙසක් උත්සවය රටේ සියළුදෙනා ත්‍රස්තවාදින්ට නොබියව සැමරිය යුතුබව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (18) පස්වරුවේ කැළණිය රජමහා විහරස්ථානය වැද පුදාගැනිමට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායක වරයාගෙන් මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් මේබව සඳහන් කළේය.

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරය  පරිශ්‍රයේ ඊයේ පස්වරුවේ පැවති ආගමික වතාවත් වලට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

එහිදි මාධ්‍යට අදහස් දැක්වු විපක්ෂ නායකවරයා පැවසුවේ මෙවර වෙසක් උත්සවය බියෙන් සමරණ බවත් එලෙස බියෙන් සැමරිමට අවශ්‍ය නොවන බවත්ය.

පිටස්තර පුද්ගලයන්ගේ ගර්ජන තර්ජන හේතුවෙන් වෙසක් උත්සවය සමරන්නේ නැතුව නොසිට සෑම විටම දරුවන් පාසල් එවිය යුතු බවත් ඒ මහතා පැවසුවේය.

එමෙන්ම ආරක්ෂාවදීම සම්පූර්ණයෙන් ත්‍රිවිධ හමුදාවට ආණ්ඩුවට භාර කටයුත්තක් බවද විපක්ෂ නායකවරයා පවසයි.

පසුගිය දා සිදු වු ප්‍රහාර මාලව නිසා මේ වනවිට සියළුම ජනතාව අර්ථීකමය වශයෙන් අසරණ වි ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ෂරියා විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් එහිදි මාධ්‍යෙව්දින් නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ එම විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල නියාමනය කිරීම නොව එය රජයට පවරා ගත යුතු බවයි.

Related posts

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin