Colombo Today Local News

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෙනස් කර ගැසට් කරලා.. GMOA කඩුව වනයි..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෙනස් කර සම්මත කළේ කුමන හේතුවකටද යන්න කැබිනට් අමාත්‍යවරුන් වහාම රටට හෙළි කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම වන උසස් පෙළ විභාගයේ බී සාමාර්ථ තුනේ අධ්‍යාපන සුදුකමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයාද අනුමැතිය ලබාදී ඇතැයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

එහෙත් කැබිනට් මණ්ඩලය විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම සී සාමාර්ථ දෙකක් සහ එස් සාමාර්ථයක් ලෙස සකස් කර ඒ සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවද ඔහු කියා සිටියේය.

මේ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අනතුරකට ලක්විය හැකි බවත්, මෙම තත්ත්වය නිසා කැබිනට් මණ්ඩල සකස් කළ අවම ප්‍රමිතිය පරාජයට පත් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

 

Related posts

එස්.බී. හා ඩිලාන් එක්කයි දේශපාලනය කලේ. චතුර සේනාරත්නගේ අලුත්ම එක මෙන්න

colombotoday

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

Admin

අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑ

Admin

රනිල් සජිත් දිනේෂ් නව සන්ධානයක්

Admin

ඩොලරයේ අද මිල

colombotoday

අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පොලීසිය පුරාවිද්‍යාත්මක විමර්ශනයක් ඉල්ලයි

colombotoday