Colombo Today Local News

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

anura dissanayake

ජනවාරි 8 දේශපාලන බල පෙරළිය තුළින් බලාපොරොත්තු වූ ආකාරයේ යහපාලනයක් උදාවී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් වෙනස සනීපදැයි එම පුවත්පත ඇසූ පැණයට පිළිතුරු දෙමින් ජවිපෙ නායකයා පවසන්නේ වත්මන් ආණ්ඩුව පිහිටුවීම සදහා තමන් සහයෝගය නොදැක්වූ බවත්, තමත් කටයුතු කළේ පැවති පාලනය ගෙදර යැවීමට පමණක් බවයි.

පැවති පාලනය පෙරළා දැමීමෙන් පමණක් ජයග්‍රහණය නොලැබෙන බවත්, ඉදිරියේදී ගොඩනැගෙන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් ඒකාබද්ධව ගොඩනැගෙන එකක් බව එදා තමන් කී බවත්, එනිසා ඉදිරියේදී ආණ්ඩු හදන විදිහ නොව විපක්ෂය ශක්තිමක් කරන විදිහ ගැන සිතන්නෑයි තමන් කළ ඉල්ලීමට ජනතාව කන් නොදුන් බවත් ඔහු පවසයි.

“රාජපක්ෂ ස්ටෝර්ස් එකේ බඩු අප්සෙට් බවත්, මෛත්‍රීපාල ස්ටෝර්ස් එකේ බඩු ගැන ෂුවර් එකක් නැති බව අපි එදා කීවා. ඒ මැතිවරණ දෙකේම අපි එකම ස්ථාවරයක හිටියා. අපිට දැක්මක් තිබුණා ගොඩනැගෙන ආණ්ඩුව පිළිබඳව, ඒක ජනතා හිතකර එකක් නොවෙයි කියලා. ඒ අය මේ මෑත වන විටත් ඔප්පු කරමින් ඉන්නවා. මේ තත්ත්වය අපි එදත් දැක්කා. රාජපක්ෂ ගෙදර යවනකොට ඒ වටා සිටි කල්ලියටත් එක්කමයි ඒ විරෝධය ආවෙ. ඒත් අද මහින්ද රාජපක්ෂ ඇරෙන්න අනිත් ඔක්කොම එක්ක ආණ්ඩුව හදලා. ඒ කියන්නේ මේ තියෙන්නේ ජනවාරි 8 වෙනදා ලැබුණු ජනවරමට සම්පූර්ණ පටහැනි ආණ්ඩුවක්. මෛත්‍රීපාල ඇතුළු පිරිස ජනවාරි 8 වෙනිදා ජනවරමට පයින් ගහලා තියෙන්නේ. අපි මේ ටික වෙයි කියලා එදත් කිව්වා.” යැයිද අනුර දිසානායක මහා පවසයි.

Related posts

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

Admin

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday