Colombo Today Local News

වෙඩි නොවදින වාහන ගෙන්වන්නේ නෑ – සජිත්ගෙන් තවත් ජනපති පොරොන්දුවක්

ඉදිරියේදී බිහිවන ජනාධිපතිවරුන් ගණනාවකට ප්‍රමාණවත් වෙඩි නොවදින වාහන මේ වන විටත් රට තුළ පවතින බැවින්, ජනතා මුදල් වැයකර වෙඩි නොවදින වාහන ගෙන්වීමට තමන් කිසිවිටක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම ඉදිකළ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (17දා) දින සහභාගී වෙමිනි.

මනුෂ්‍යත්වයට මුල්තැන ලබා දෙමින් සියලු ජනතාවට සෙත සැළසෙන නූතන විප්ලවීය සංවර්ධන යුගයක් ඉදිරියේදී රටතුළ නිර්මාණය කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විටත්, සංවර්ධන වැඩපිළිවෙල නිර්මාණය කරන විටත් පොදු අරමුණක සිට සියලු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තීන්දු තීරණ ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ වියදම් කළමනාකරණයට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථා පවතින බවත්, ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක් වැය කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

සුලිකුණාටුවක් සහ සුනාමියක්?? කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday