Colombo Today Local News

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

ප්‍රධාන ගොවි ව්‍යාපාරවල වී අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත්, සිංහල, දෙමළ අලුත් අවුරුද්දට දින ළඟා වීමත් සමග වී මිල පහළ මට්ටමකට වැටී ඇත. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ලබා ගන්නා වී කිලෝ ප්‍රමාණය 2000 ක් නිසා පෞද්ගලික අංශයද වී මිලදී ගැනීම සීමා කර තිබේ.

රජයේ අනුමත වී කිලෝවක මිල නාඩු රුපියල් 38 කුත්, සම්බා රුපියල් 41 කුත් වුවද පුද්ගලික අංශය නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 28 ක මිලකටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 30 ක මිලකටත් පහත දමා තිබේ. එහෙත් මෙම මිලටවත් වී මිලදී ගැනීමට පෞද්ගලික අංශය ගොවි බිම්කරා පැමිණීම සීමාකර ඇත. මෙසේ කරන්නේ උපක්‍රමයක් ලෙස තවත් වී මිල පහළ දැමීමේ අරමුණ ඇතිව බව ගොවීහු පවසති.

සිංහල අලුත් අවුරුදු සමය ළඟා වීමත් යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන් වී අලෙවි කිරීම සිරිත වී තිබීමත් නිසා අඩු මිලට වී කොල්ලකෑමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික වෙළෙන්දන් වී මිලදී ගැනීම සීමාකර ඇති බවට ගොවීහු චෝදනා කරති.

කෙසේ වෙතත් ගොවින් පවසන්නේ වීකිලෝවක් අලෙවි කර බුලත් විටක්වත් මිලදී ගැනිමට නොහැකි බවත් මේ වනවිට බුලත් විටක් රුපියල් තිහක මිලකට අලෙවි වෙි.

Related posts

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

colombotoday

තව්හිද් රාසික්ගේ නීතීඥයා මෛත්‍රී ගුණරත්න, භික්ෂූන් වහන්සේට කී කතාව බුකියේ පත්තු වෙයි

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම පිටුපස රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙක් සහ ඇමතිලා දෙදෙනෙක්

colombotoday

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday