Colombo Today Local News

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

peradeniya

වසර 4ක් පුරා සිදුකළ පර්යේෂණවලින් අනතුරුව සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් වී තිබෙනවා. එහි වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික ගවරම්මාන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුවයි මෙම ඖෂධය සොයාගෙන ඇත්තේ.

මෙතෙක් මෙරට සර්ප විෂ සඳහා ඉන්දියාවෙන් ආනයන කළ ඖෂධ භාවිත කළ අතර ඒ සඳහා අධික මුදලක් වැය වනවා. මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නව ඖෂධය සම්බන්ධයෙන් අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියේ මෙම බෙහෙත මෙතෙක් භාවිත කළ ඖෂධවලට වඩා සිව් ගුණයක ප්‍රබලතාවකින් යුක්ත බවයි. එසේම එමගින් රෝගියාට ඇති වන අතුරු ආබාධ 90%ක් අඩු වන බව ඔහු අවධාරණය කළා.

Related posts

නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

සම්බන්ධන්ට රජයේ ඇමතිධුරයක්… විපක්ෂ නායකකමින් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

colombotoday

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin