Colombo Today Local News

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ඇතුළු නවදෙනකුට හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එරෙහිව ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අනුමැතිය ලබාදී තිබේ.
 
 එකී විත්තිකරුවන් දසදෙනාට එරෙහිව අධි චෝදනා 23 ක් යටතේ නඩු පැවරීමට අවසර ලබාදෙන ලෙසට පසුගිය 07 වැනිදා නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබිණි.
 
 එම නඩුවේ ස්වභාවය, බැරෑරුම්කම, සංකීර්ණභාවය හා එකී වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරුවරයා එකී අනුමැතිය ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ (13 දා) පස්වරුවේ ප‍්‍රකාශ කළහ.
 
 ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත දී ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියස් යන විත්තිකරුවන්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ ප‍්‍රශ්‍ය මිත‍්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුලූගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් හා අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයටත් පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාටත් එරෙහිව නඩු පැවරීමට නියමිතය.
 
 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී භාණ්ඩාගාර බැඳුම්කර රුපියල් බිලියන 10,058 ක් බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනත යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රුපියල් මිලියන 688, 762, 100 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනා අර්ජුන මහේන්ද්‍රන් හා පී. සමරසිරි යන අයට එල්ල වී ඇත.

Related posts

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

තවදුරටත් වැසි සහිත කාලගුණයක්

colombotoday

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

Admin

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday