Colombo Today Local News

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

පෙරේදා දිනයේ දිවයින පුරා පැය 08කට අධික කාලයක් විදුලිය බිඳවැටීම තාක්‍ෂණික දෝසයක් නොව ආණ්ඩුව හිතාමතා කළ වැඩක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

ඉදිරි මාස දෙක තුනක කාලයේදී මෙරට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පෙරේදා දිනයේ කළ විදුලි කප්පාදුව හදිසි මිලදී ගැනීම අවශ්‍ය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා හිතාමතා කළ එකක් බවද ඔහු පැවසීය.

ඉදිරියට හොර රහසේ විදුලිය විසන්ධි කරනවා මෙන්ම හොර රහසේ විදුලිය මිලදී ගැනීම්ද කරනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday

ලක්ෂ්මන් යාපාට නඩු!

Admin