Colombo Today Local News

විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

නව ලිබරල්වාදී මත තිබෙන කිසිම ආණ්ඩුවක් ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් ලබා නොදෙන බවත්, විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අපි විනයගරුක නොවුණොත් විනයගරුක රටක් හදන්න බැරි බවත්, රට නියම ආකාරයට ගෙන යෑමට නම් සියලූ දෙනාම විනයගරුක විය යුතු බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ රජය සාමකාමී රටක් බිහි කළ බවත්, වත්මන් රජය රට තුළ යළිත් සෝදිසි කිරීම් යුගයක් ඇති කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14 දා) කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පැවති ජනහමු අමතමින් පැවසීය.

ඉදිරියේදී බිහිකරන රජයක් තුළින් රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් ලබාදෙන බවත්, යළිත් සුරක්ෂිත රටක් බිහිකරන බවට පොරොන්දු වන බවත් ඒ මහතා කීවේය.

ති‍්‍රවිධ හමුදාව සහ බුද්ධි අංශ ශක්තිමත් කරමින් යළිත් අන්තවාදී ත‍්‍රස්තවාදයක් රට තුළ ඇති නොවන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

“මෛත්‍රීට දිනන්න බෑ” – මහින්ද රාජපක්‍ෂ නිමල් සිරිපාලට කියයි

colombotoday

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ කැළුම්ට ඇප

Admin

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday