Colombo Today Local NewsTop Stories

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළු 30 කට කොරෝනා. රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහලට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ.  මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 ක් වී තිබේ.

ඊයේ (22) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබූ අතර අද රාත්‍රී 9.00 වන විටත් ඊට එකතු වූයේ 8 දෙනෙක් පමණි. එහෙත් අද රාත්‍රී 9.20 ට පමණ එකවරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30 කින් ඉහළ ගියේය.

මෙසේ හමුවී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළා ඇසුරු කළ පිරිස අතුරින් 30 දෙනෙකි. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ  නිල වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 368 කි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.

තවත් 173 දෙනෙක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙති.

Related posts

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

colombotoday

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා..අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියයි

colombotoday

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

colombotoday