Colombo Today Local News

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සදහා වව්චර්පත් වෙනුවට පෙර පරිදිම රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) දින පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදීයි.

අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ ලබන වසරේදීද පාසල් ළමුන්ට නිල ඇඳුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට යෝජනාව ගෙන ආවද නිල ඇඳුම් ලබාදීමට එහිදී තීරණය වූ බවයි.

ලබන වසරේ සිට පාසල් ළමුන්ට හා ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප‍්‍රතිශතය දේශීය නිෂ්පාදකයින්ට පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විමසුමට ලක් කළේ කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින්.

Related posts

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

‘‘මහජන ආරක්ෂක ඇමැති’’ නව කැබිනට් තනතුරට රියර් අද්මිරාල් සරත් වීරසේකර ?

colombotoday

මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක්.. මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

colombotoday

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin

“බදු අඩු කරන්න” මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට අවවාද කරති

colombotoday