Colombo Today Local News

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලීසියට නියෝග කරයි.

ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබේ. අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවනු ලැබීය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වෙයි.

එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද එතුමා පොලීසියට දැනුම් දී තිබේ.

–ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

“මොන හිගන්නෙක් ද මේ.. රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු.. පට්ට හොරා” – අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. රාජිතගේ රෙදි සියල්ල ගැලවී යයි (Video)

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday

සමලිංගික පිරිමි ගහනය සීඝ්‍රයෙන් ඉහළට.. කොන්ඩම් බෙදන්න රට පුරා ස්වෙච්ඡා කණ්ඩායම් යොදවයි !

colombotoday