Colombo Today Local News

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් අල්ලස්දීම අනුමත කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසයි.

2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ  වාර්තාව එළිදක්වමින් එහ එම ආයතය මේ සඳහන් කරයි.

මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළිබඳ මහජන මතය විමසන ලෝකයේ විශාලතම සමීක්ෂණය බවද එම ආයතනය සඳහන් කරයි.

මෙම සමීක්ෂණය හරහා ප්‍රධාන කාරණා 4 ක් ඉස්මතු වූ බවද එම ආයතනය පවසයි.

ඒ අනුව අධිකරණය, රජය සහ පොලීසිය අතරින් වඩාත් විශ්වාසදායීම ආයතනය කුමක්ද යන්න විමසීමේදී,බහුතරයක් වූ ජනතාව ‘අධිකරණය” පිළිතුර ලෙස තෝරාගත් බවත්  73%ක් දෙනා අධිකරණය කෙරෙහි ඔවුනට යම්තාක් දුරකට විශ්වාසයක් හෝ දැඩි විශ්වාසයක් පවතින බව ප්‍රකාශකළ බවත් එම ආයතනය පවසයි.

ජනතාවගෙන් හතරෙන් එකක් ම සමහර රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට හෝ කඩිනම් කරගැනීමට අල්ලස් ලබාදීම වරදක් නැතැයි යන මතය දරන  බවත් ජනතාවගෙන් තුනෙන් දෙකක් අල්ලස් ලබා දීම අනුමත නොකරන බවත් එම ආයතය පවසයි.

ප්‍රතිචාර දැක්වුවන්ගෙන් අඩක්ම පාහේ (46%) ලිංගික අල්ලස් එනම් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට ඉල්ලා සිටීම හෝ බල කිරීම, ඉඳහිට, බොහෝවිට හෝ නිරතුරුවම සිදුවන බව විශ්වාස කරන බවත් එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ග්‍රාමීය හා වතු ආශ්‍රිතව ජිවත්වන ජනතාව මේ කෙරෙහි වැඩි අවධානමක් දරන බව දත්ත වලින් පෙන්වා දෙන බවත් එම ආතයන පවසයි.

4.86% වූ ජනතාව සතුව, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවක් (CIABOC) ක්‍රියාත්මක වන බවට යම්තාක් දුරකට දැනුමක් පැවැතියත් 72% ක් අල්ලස හා දුෂණය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමට යාන්ත්‍රණයක් පවතින බව නොදැන සිටි බවත් සමීක්ෂණයෙන් හෙළි වූ බව එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ  ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ,”රටේ දුෂණය මැඩලීමට ඇති ප්‍රධානම ආයතනය වන අල්ලස් හෝ දූෂණ චෝදනාවිමර්ශන කොමිෂම , එහි අභිලාශය වන අවුරුදු දෙකක ජාතික ක්‍රියාකාරී සැලැස්ම වඩාත් ශක්තිමත් කොට ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ යුතු බව මෙම සමීක්ෂණයේ සොයාගැනීම් වලින් පැහැදිලි වෙනවා.

අල්ලස  හා දුෂණය පිළිබඳව ජනතාව සතුව ඉතා හොද දැනුවත්භාවයක් තිබීම සතුටුදායක කරුණක් වුවත්, දුෂණය පිලිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා යාන්ත්‍රණයක් පැවතීම පිළිබඳව ඇති අඩු දැනීම දුෂණයට එරෙහිව සටන් වැදීමට ඇති අභියෝගයක්” යනුවෙනි

මෙම සමීක්ෂණය සඳහා නාගරික හා ග්‍රාමීය පසුබිම අනුව වයස අවුරුදු 18-80 අතර පුරවැසියන් 1300 ක නියැදියක් ඇතුළත් කර තිබේ.

Related posts

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

colombotoday

මාළිගාවත්තේදී වෙඩි වැදී රෝහල්ගතව සිටි අයෙක් මිය යයි

Admin

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin