Colombo Today Local News

ලාංකිකයන් 40,000කට රැකියා අවස්ථා අහිමිවෙයි.. විදේශිකයන් බුරුතු පිටින් ඇවිත් මෙරට කම්කරු රැකියාවේ !

මෙරට තරුණ තරුණියන් ලක්ෂ 10ක් පමණ රැකියා විරහිතව සිටින අතර විදේශ කම්කරුවන් 40,000ක් වර්ශයකට ගෙන එමින් සිටින බව ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාවකින් අනාවරණය වේ.

පසුගිය 20වැනි දින සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවෙන් මේ බව හෙළි වන අතර වඩාත් බරපතල කරුණ වන්නේ ගෙන එන කම්කරුවන් නිසා මෙරට වැසියන්ගේ සෞඛ්‍යයට බරපතළ අනතුරු එල්ල වී තිබීමයි.

මේ අනුව විදේශ කම්කරුවන් නිසා මෙරට රැකියා අහිමිවීම සහ සෞඛ්‍යයට තර්ජන එල්ල වීම යන ප්‍රහාර දෙකක් එකවිටම ජාතික වශයෙන් එල්ල වේ.

එම කැබිනට් ප්‍රතිකාවෙන් හෙළි වන ආකාරයට සෞඛ්‍ය අවදානමක් සහිත රටවලින් වර්ෂයකට කම්කරුවන් 24,000ක් පමණ මෙරටට පැමිණේ. මෙයින් ආරක්ෂා වීමේ ක්‍රියාමාර්ග සඳහා මෙරට මහජන මුදල් වෙන් කිරීමටත් ඒ සඳහා ණය ලබා ගැනීමටත් එම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

රට තුළ ක්‍රියාත්මක කෙරෙන විදේශ ණය ව්‍යාපෘති සියලුම ඒවාට ණය ලබා දෙන රටවලින් කම්කරුවන් පවා ගෙන ඒම පස්‍රගිය පාලන සමයේ සිටම ආරම්භ කෙරී තිබෙන අතර නිල සංඛ්‍යාලේඛන අනුව මේ වනවිට එය වර්ෂයකට 40,000ක් පමණ වී තිබේ.

සංචාරක වීසා සහ දිගුකාලීන වීසා මත මොවුන් මෙරටට පැමිණ කම්කරු රැකියාවල නියැලී සිටිති.

Related posts

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin

වාහන ආනයනයට කොළ එළියක්

Admin

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ට පැනවු සංචාරක සීමාවේ වෙනසක්

colombotoday

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin