Colombo Today Local News

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත්කෙරිණ.

මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කරන ලදී.

“2018 පෙබරවාරි 4 වන දින ඔහු ගෙල සිඳලන ඉරියව්ව සිදු කළ බවට මට කිසිදු සැකයක් නැත” ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බුට්නොට් අද දින සිය තීන්දුවේදී පැවසුවාය.

මීට පෙර අවස්ථාවක බ්‍රිගේඩියර්වරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය සහ මහේස්ත්‍රාත් අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කෙරිණි.

පසුව මෙම නඩුව තම භාරය යටතට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය නඩුව නැවත මුල සිට කැඳවීමට තීරණය කළාය.

අවස්ථා කිහිපයකදීම මෙම නඩුව කල් දැමුණි.

එමෙන්ම එම සාක්ෂි විභාගය පැවැත්වෙන අතරතුර අධිකරණයෙන් පිටත ඊළාම් හිතවාදීන් සහ කොටි හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.

Related posts

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…

colombotoday

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ල

Admin