Colombo Today Local NewsCovid 19

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සංඛ්‍යාව 88ක්ද, රෝගීන් 10ක් වැලිකන්ද මූලික රෝහලේ සහ එක් රෝගියෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

දිවයින පුරා රෝහල් වල කොවිඩ් නයින්ටීන් අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් ‍කළේය.

Related posts

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday

හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුට

Admin

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday