Colombo Today Local News

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

රුපියල අවප්‍රමාණය වීම නිසා 2018 වසරේදී පමණක් මෙරට විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 800කින් පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මේ අතරම ඉකුත් වසර තුනේදී ස්වෛරී බැඳුම්කර අලෙවියෙන් හා රුපියල අවප්‍රමාණය වීමෙන් රජයට සිදුවී ඇති අලාභය රුපියල් බිලියන 777ක් බවද හෙතෙම පවසයි.

රටේ පවතින මෙම ආර්ථික අර්බුදය නිසා ජනතාවගේ ජීවන තත්ත්වය කනගාටුදායක ලෙස බිඳ වැටී ඇති බවද ඔහු පෙන්වා දෙන්නේය. 2013 හා 2014 වර්ෂවලදී එවකට රජයේ අනුගමනය කළ යහපත් මූල්‍ය කළමනාකරණයෙන් රුපිය‍ලේ අගය අධිප්‍රමාණය වී රුපියල් බිලියන 108කින් විදෙස් ණය ප්‍රමාණය අඩු වූ බවද ඔහු පෙන්වා දෙයි.

වත්මන් රජයේ මූල්‍ය කළමනාකරණයේ දුර්වලකම් නිසා ‍පොලී අනුපාතය 52 සිට 62 දක්වා ඉහළ ගොස් ඇති බැවින් රට බරපතළ ණය උගුලක පැටලී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහයන්ට ආර්ථිකයේ හැසිරීම පිළිබඳ ඇති අනවබෝධය නිසා ඔහු ඉකුත් රජයට චෝදනා කරමින් සිටින බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේය.

Related posts

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

Admin

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin

ෆේස්බුක් තහනමට විරෝධය දක්වා ඇමරිකානු තානිපතිගෙන් පණිවිඩයක්.. විදේශ රටවලුත් විරෝධය දක්වයි..!

colombotoday