Colombo Today Local News

රු.කොටියක කොකේන් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් අද (11)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඇය 37 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .

ඇය අද  දින දහවල් 1.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ – 1203 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ රැගෙන පැමිණ ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිතීන් බෑග් කීපයක අසුරා , ඒවා ඇය විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක , පතුල් වල අලවා ගෙන තිබියදී , රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .

එහි කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම්  250 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරී ජී.එස්.චන්ද්‍රසිරි , සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඒ.එස්. ගුණවර්ධන , ජේ.එච්.එච්.පී.ගුණසිරි සහ ඩී.එම්.ඩී.සී.බී.දිසානායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඩබ්ලිව්.එම්.ඩී.ආර්.ජගත් සහ උපාලි රත්නායක යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති .

Related posts

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක්

Admin

දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

Admin

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday

කරු, සිරිපාල, වෙල්ගම, විජිත හේරත්, සුමන්තිරන්, රංගේබණ්ඩාර ඇමරිකා ගිහින්

colombotoday