Uncategorized

රිෂාඩ්ට ගෙදර නොගියොත් කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩු පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් වලට එකඟ විය නොහැකි බවත් ඊට එරෙහිව ක්‍රියාකරන ලෙසත් කතෝලික ආගමික නායකයන් විසින් කතෝලික දේශපාලනඥයන් හමුවේ කියා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු මතෛක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය අනුව තම ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කතෝලික මැති ඇමැතිවරු තම දේශපාලන ප්‍රධානීන්ට දන්වා තිබේ.

කතෝලික ආගමික නායකයන් විසින් අදාළ දේශපාලන නායකයන්ට පාස්කු ප්‍රහාරය හෙළා දකින ලෙස සහ එම ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව ක්‍රියාකරන සමහර ක්‍රියා කලාපයන් වලට එරෙහිව පියවර ගන්නා ලෙස සිදුකරන දැනුම්දීම නිසා අදාළ දේශපාලනඥයන් මෙම තීරණය ගැනීම සඳහා බෙහෙවින් බලපා තිබේ.

ආණ්ඩුවේ සිටින ඇතැම් කතෝලික දේශපාලනඥයන්ට පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වනතෙක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය නිසා තම ගම්මානවල ජනතාව මුණගැසීමට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ආණ්ඩුව තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ අතර එම තේරීම් කාරක සභාවට පත් කෙරුණු කතෝලික බැතිමතෙකු වන කාවින්ද ජයවර්ධන එම තේරීම් කාරක සභාවෙන් මේ වන විට ඉල්ලා අස්වී ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාද රිෂාඩ් බදියුදීන්්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ලකර සිටී. ඔහුද කතෝලිකයෙකි. තවද පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිද පාස්කු ප්‍රහාරය පිළිබඳව රජයේ ඇතැම් ක්‍රියාකලාපයන් හෙළා දැක ඇත. ඔහුද කතෝලික බැතිමතෙකි.

මේ ආකාරයට ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හමුවේ තවදුරටත් ආණ්ඩුව සමග සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ආණ්ඩුවේ සිටින කතෝලික ඇමැතිවරයෙකු පවසයි.

ලක්බිම

Related posts

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

රටේ ස්වෛරීභාවය වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කලා – සජිත්ට බැරිවුණ දේ ගෝඨාභය කෙළින්ම කියයි

colombotoday

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday