Colombo Today Local News

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

ඔහු තවදුරටත් පැවසුවේ, ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසුරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් 20 වන දින හඳුනාගැනුණි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවය.

Related posts

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

colombotoday

ස්විස් තානාපති නිලධාරිනිය 30 දක්වා රිමාන්ඩ්

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාව අඛණ්ඩව

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday

මහ හොරකමට අනුබල දී මහ බැංකුව සුද්ද කළාට අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday