Colombo Today Local News

රාසික්ට වැඩ වරදී – බුදුන්ට අපහාස කල නඩුවේ ඇප අවලංගු වෙන ලකුණු

abdul-rasikමීට ඉහතදී කොළඹ අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව, බුදු රජාණන් වහන්සේ මීනි මස් වැළඳුවේ යැයි ද, තෙරුවන යනු මැණික් ගල් 3ක් බවත් එයට වදින්නන් මෝඩයන් ලෙසටත් ආදී වශයෙන් බුදු රජාණන් වහන්සේට, ශ්‍රී සද්ධර්මයට පොදුවේ බුද්ධ ශාසනටත් අපහාස වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ අලූත්කඩේ අංක 1 මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 7464 යටතේ චුදිතයෙකුව ඇප මත නිදහස්ව සිටින කොළඹ 10, මාළිගාවත්තේ, ශ්‍රී සද්ධානනද මාවතේ අංක 241එA ස්ථානයේ ප්‍රධාන කාර්යාලය වශයෙන් ඇති ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ) නම් සංවිධානයේ ලේකම් වන කොළඹ 2, විතානගේ මාවතේ, අංක 38/15 දරණ ස්ථානයේ පංදිචිව සිටින අබ්දුල් රාසික් නැමැත්තා පිළිබඳව මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බන්ධව කොළඹ අපරාධ අංශයට යලිත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල මගින්, අබ්දුල් රාසික් නැමැති පුද්ගලයා විසින් 2016.11.03 දින බොදු බල සේනා මහ ලේකම්වරයා වන රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව “ඥානසාර, නොනාසාර, පුණ්ඩසාර” ආදී වශයෙන් ද්වේශ සහගතව ද, භික්ෂුන් වහන්සේ කෙනෙකුට නොගැලපෙන ලෙස “උඹ” යනුවෙන් ආමන්ත්‍රනය කිරීම මගින් සමස්ත මහ සංඝරත්නය කරන ලද අපහාසයක් වන බැවින් ද, එසේ කටයුතු කිරීම මෙම පුද්ගලයා චෙතනාන්විතව බෞද්ධ ජනතාව ප්‍රකොපකිරීම සඳහා කරන ලද ප්‍රකාශයක් වන බැවින්, මොහු මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙයට පෙර උසාවියෙන් පනවන ලද ඇප කොන්දෙසි කඩ කිරීමක් වන බැවින් ද, ඉදිරියේදී ද මොහු මෙවැනි ප්‍රකාශ කිරීමෙන් රට තුල අනවශ්‍ය නොසන්සුන්කම්, කලබල ඇතිවිය හැකි බැවින් මොහුට විරුද්ධ වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබෙනවා.

Related posts

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin

බෞද්ධ දර්ශනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට රජය සැරසේ.. සිසුන්ගේ විරෝධය

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

colombotoday

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday