Colombo Today Local News

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, රංජිත් මද්දුමබණ්ඩාර, ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

ඒ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලවයි.

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු 6 දෙනෙකුට අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පසුගිය 6 වනදා සිතාසි නිකුත් කළේය.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන්, ජේ.සී වැලිඅමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රවී විද්‍යාලංකාර මහතා අද දිනයේ දේශපාලන පලිගැනීම් පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

Related posts

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්‍රභාකරන්මයි, මන්ත්‍රී ශ්‍රී ස්‌කන්ධරාජන් කියයි

colombotoday