Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කරන රාජකාරි විවේචනය කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය වීඩියෝ පට හා අන්තර්ජාලය තුළ ප‍්‍රසිද්ධි කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එවැනි කි‍්‍රයාවන් අන්තර් ජාලයට මුදා හරින තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

– Lankadeepa –

Related posts

ගිනි අවි 02 ක් සමග පුද්ගලයෙකු පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

colombotoday

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

හොරු ඔක්කොම දැන් දේවාලවල.. දෙවියන්ටත් ඇඩ්‍රස් නෑ

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday