ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් ලබාදී තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීය .
පසුව ඉන්දීය ජනපති රාම්නාත් ගොවින්ද් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඔහුව පිළිගනු ලැබීය.