Colombo Today Local News

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි.

පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් අද කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමා සමග එක්ව සිටිතියි එතුමා කියයි.

රාජ්‍ය ආයතන කිහිපයකට අලුතින් පත් කෙරුණු සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.

රටේ ජනතාව තමාට කළ අභියෝගය ජය ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් පෙළගැසිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජ්‍ය ආයතන ශක්තිමත්ව සහ විධිමත්ව ජනතා අවශ්‍යතා ඉටුකිරීමෙන් ප්‍රශ්න රැසකට සාර්ථකව මුහුණදිය හැකි බව එතුමා කීය.

සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡා මාලාවේ 03 වැන්න ලෙස රැස්වීම කැඳවා තිබිණ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් දැක්ම සහ ඉලක්ක පිළිබඳව සේම රාජ්‍ය සේවයේ දැක්ම, ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් කිරීම සාකච්ඡා මාලාවේ අරමුණයි.

ජනතා කේන්ද්‍රීය පාලනයක් වෙනුවෙන් රාජ්‍ය ආයතන ක්‍රියා කළයුතුයි. ජනතාවට සැබෑ නිදහස අත්කර ගැනීමට නම් ඔවුන්ගේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට හැකියාව තිබිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ සහ පවතින නීති රීතිවල වගකීම වන්නේ ජනතාව ජීවත් කරවීම සහ ජීවත්වීමට අවශ්‍ය පසුබිම පහසුකිරීම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

colombotoday

කැබිනට් සංශෝධනයට පෙර රිෂාඩ්-කිරිඇල්ල අමාත්‍යාංශ ලිපිගොණු ඉවත් කරගනී !!

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

colombotoday

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday