ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාත්මක කරන වේගය අනුව වැඩිකල් යන්නට පෙර රනිල් වික්‍රමසිංහ මහතාටත් බන්ධනාගාරගත වන්නට සිදුවනු ඇති බවට තමන් සිතන බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එමෙන්ම චම්පික රණවක මහතා හෝ රියැදුරා හෝ ඒ දෙදෙනාම වරදක් කලා නම් ඔවුන්ට නිසි ලෙස දඬුවම් හිමිවිය යුතු බවද ඒ මහතා සඳහන් කරනවා.
නීතිය සාධාරණයි සේම ඒ බව පෙන්වන එකත් ආණ්ඩුවේ වගකීමක් බවද නලින්ද ජයතිස්ස මහතා කළුතර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසුවා.