Colombo Today Local News

රනිල් ජනපති සටනට. අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට රනිල් කියයි

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට කීවේය.

මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වූහ.

එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී ඇත.

සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ ඇති බවය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා ඇත.

මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවය.

ඒ අනුව හෙට (08 දා) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Related posts

මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයට

Admin

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin