Colombo Today Local News

රට පුරා ඉන්ධන හිගයක්…

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ලේකම්,
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,
කොළඹ.

ගරු ලේකම්තුමනි

ඉන්ධන නිකුත් නොකරන පිරවුම්හල් රජයට පවරා ගන්න

රට තුල මේවන විට ඉන්ධන හිඟයක් වාර්තා වෙමින් පවතින අතර එය මේවන විට උග්‍රවී ඇත. මේ හේතුවෙන් නත්තල් සමයේ තම ගම් බිම් බලායන හා උත්සව සමයේ විනෝදවන මහජනතාව දැඩි ලෙස පීඩාට පත්ව ඇත. ඇතැම් පිරවුම්හල්වල ඇත්තේ මිල අධික ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන පමණි.

මීට ඍජු හේතුව පැහැදිලි කිරීමට ඔබ අමාත්‍යාංශය හා සියලුම අදාළ පාර්ශවයන් මේ වන තෙක් අපොහොසත් වී ඇති නමුත්, අපට ලද තොරතුරුවලට අනුව මීට ආසන්නතම හේතුව වන්නේ ඉදිරියේ දී ඉන්ධන මිල විශාල ලෙස පහත යන බවට ඇති සැකයක් නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් නියමිත පරිදි ඉන්ධන ගෙන්වා ගැනීම හා ගබඩා කර ගැනීම නවතා දමා තිබීමයි.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වීම තුළින් මෙම ව්‍යාකූලත්ව හට ගෙන ඇති අතර ඉන්ධන මිල ඉහළ යන විට ලාභ උපයන මෙම පෞද්ගලික ව්‍යාපාර, පාඩු ලැබීම වැළැක්වීමට මහජනතාව බිල්ලට ගෙන මෙලෙස අත්තනෝමතික ලෙස කටයුතු කිරීම පිළිගත නොහැකි තත්ත්වයකි.

මේ අනුව :-

1. ඉන්ධන මිල ඉහළ හෝ පහළ ගියවිට පිරවුම්හල්වලට ලාභයක් හෝ පාඩුවක් සිදු නොවන ලෙස ඉන්ධන සැපයුම් මිල ක්‍රමවේදයක් සකස් නොකර, විකුණුම් ඉන්ධන මිල සඳහා පමණක් නිශ්චිත දිනයක ක්‍රියාත්මක වන මිල සූත්‍රයක් හදුන්වා දීම මුදල් අමාත්‍යාංශය විසින් මහා දවාලේ කරන ලද පැහැදිලි දූෂණයකි.

2. රටේ මහජනතාවට ඉතාමත් සන්වේදී අවස්ථාවක මෙලෙස නියමිත පරිදි ඉන්ධන තොග ඇනවුම් කර නැති ඉන්ධන පිරවුම්හල් චේතනාන්විතව ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධයෙන් රජය සමඟ එකඟ වී ඇති ගිවිසුම කඩ කර ඇති බැවින් හා ඉන්ධන බෙදාහැරීම රටේ අත්‍යාවශ්‍ය සේවාවක් බැවින් දෙසැම්බර් මස 20 වනදා සිට ඉන්ධන තොග ඇණවුම් වාර්තා කැඳවා එම පිරවුම්හල් වහාම රජයට පවරා ගැනීමට කටයුතු කර ඉන්ධන බෙදාහැරීම යථාතත්ත්වයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

චිරන්ත අමරසිංහ
සභාපති

Related posts

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගනියි. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකුත් ඉල්ලුම් කරයි

colombotoday

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin