Colombo Today Local News

යුද හමුදාවේ දෙවනි පුටුව මේජර් ජනරාල් ශවේද්‍රන්ද සිල්වාට…

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙයි.

ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම පුටුව වන්නේ මාණ්ඩලික ප්‍රධානී තනතුරයි. පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේදී ඔහු විශිෂ්ඨ සේවයක් කළ රණවිරුවෙක් ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිගැනේ.

වීර වික්‍රම පදක්කම, රණ වික්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම යන පදක්කම්වලින් පිදුම් ලබා ඇති ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස සේවයට එක්ව තිබේ.

ගජබා දෙපාර්තමේන්තුවට දෙවැනි ලුතිනන්වරයෙක් ලෙස අධිකාරී ලබා ඇති ශවේන්ද්‍ර සිල්වා මහතා පසුව කොමාන්ඩේ පාඨමාලාව සම්පූර්ණ කරමින් එම දෙපාර්තමේන්තුවට එක්ව තිබේ.

මානුෂීය මෙහෙයුම් සමයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දෙමින් සහල් නැලිය, වෙඩිතල්තිව්, නාච්චිකුඩා, මුලංගාවිල්, පුනරින්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, ධර්මපුරම්, විශ්වමඩු, පුදුමාතලන්, වෙල්ලමුල්ලි වෛක්කාල්, කරයමුල්ලි වෛයික්කාල් යන එල්.ටී.ටී.ඊ. බලකොටු විනාශ කිරිමට කටයුතු කළේය.

2010 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියොජ්‍ය නිත්‍ය නේවාසික ලෙස කටයුතු කළේය. සක්‍රීය ආරක්ෂක සේවයේ නිරත පුද්ගලයෙක් එවැනි තනතුරකට පත්වූ පළමු අවස්ථාව ලෙසද එය සැලකෙයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසය තුළ අණදෙන නිලධාරී තනතුරට පත්වූ ළාබාලම නිලධාරියේ ලෙසත් වාර්තා අතරට එක්ව තිබේ.

Related posts

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

colombotoday

NGO පදයට නටන, රටට වැඩක් නැති මංගල ඉවත් කරන්න – ජනපතිට යෝජනාවක්

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

රෝහලේදී රිෂාඩ්ට පිටස්තර පුද්ගලයින් හමුවීමට අවස්ථාව. | රෝහල් ගතවුවේ නීතිය අස්සෙන් රිංගන්නද ?

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday