Colombo Today Local News

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

“සජිත්ට දෙන්නේ නැහැ” යනුවෙන් අද ඇතැමුන් භුමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ දඟලන බව කී අමාත්‍යවරයා ජාති, ආගම්, කුල, මළ, පක්ෂ, පාට භේදයෙන් තොරව සියලු දෙනාගේ ආශිර්වාදයෙන් තමන් අපේක්ෂකත්වය ලබා ගන්නවා පමණක් නොව ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත්, මේ එළැඹ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස යුගය බවත් පැවසීය.

පොහොට්ටුවේ ලොකු ඇත්තන්ද “සජිත්ට අපේක්ෂකත්වය ජීවිතයට දෙන්නේ නැහැ” යනුවෙන් රටේ වටේම ප්‍රකාශ කරමින් යන බවත් ඔවුන් එලෙස ප්‍රකාශ කිරීම පුදුම සහගත කාරණාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඇතැමුන් තමන් එනවාට බිය වී ඇති අතර අද ඔවුන්ට “සජිත් ප්‍රේමදාස භීතිය” නමින් චිත්‍රපටියක් වුවත් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය, මුලන්යාය ප්‍රදේශයේ ඉදිකළ “සතොස්මාතාගම”, “සිරිකතමව්ගම”, “සසිරිමාගම” සහ “සසෙත්මාතාගම” යන උදා ගම්මාන 4 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගි වෙමිනි.

මෙය “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 283, 284, 285 සහ 286 වන ආදර්ශ ගම්මාන වේ.

Related posts

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

colombotoday

අභිනව ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්න අවසර ඉල්ලයි

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday